කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න.......

තනිවුනු හීනයක සොඳුරු මතක සටහනක් ඔබට අද තිලින කරන්නෙමි.මේ මීට අවරුදු තුනකට පෙර පුංචි සිතක ඇතිවුණු දයාබර හැගීමක්...........


"ඇය ලස්සන යැයි මට සිතේ.නැත නැත ඇය සැබවින්ම ලස්සනය.කොටට කැපු කොණ්ඩය ඇයට කදිමට ගලපෙන්නේය.තැම්පත්ය.අහිංසකය.අවංක හිනාවකින් ඇගේ මුහුණ පිරී තිබේ.ඇය මගේ කරගන්නට ඇත්නම්?

සොඳුර,ඔබ මගේ වීමට කැමතිද?මා ඇයට වඩා පියවර දෙක තුනක් පිටුපස්සෙනි.කතා කරනු පිණිස වේගයෙන් දිවගොස් අත තබන්නට උත්සාහ කළා පමණි.

දුමාරයක් මෙන් දිස්වුනේය.යමෙකු පැමිණ ඇත.මගේ අතට බරක් දැනුනි.මගේ අතේ පාර්සලයක්ය.මම අනෙක් අතින් කතා කිරීමට උත්සාහ කලෙමි.ඒ අතේද එවැනිම පාර්සලයක්ය.දුමාරය අතුරුදහන්ය.මම මාගේ අත්දෙක දෙස බැලීමි.

එක් අතක පාර්සලයක "සාමාන්‍ය පෙළ" කියා ලියා තිබුණි.අනෙක් පාර්සලයේ "උසස් පෙළ" කියා ලියා තිබුණි.ඇය පිටුපසින් යාමට තබා සිටගෙන සිටීමටවත් නොහැක.මා වැනි අයෝමය පුරුෂයෙකුට මිස වෙන අයෙකුට දරා ගත නොහැකි බරක් ඒ තුල විණි.

සොඳුරිය,කෙසේ ලංවෙමිද නුඹට?මදක් ඉවසන්න. මේ බරින් මා  නිදහස් වෙන තුරු, අත් දෙකෙන්ම ඔබව අල්ලාගෙන ඇවිදයාමට.........."

Comments

Post a Comment

Popular posts from this blog

ආදර කතාවක් නොවේ

බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1

ෆැෂන්