ආදර කතාවක් නොවේ
සිනහවකින් කෙනෙකු හදුනාගත හැකි නම් එක්කෝ ඔබ හොද සවන් දෙන්නෙකු විය යුතුය.එක්කෝ ඒ සිනහව එතරම් කන්කළු විය යුතුය. මෙතැන නිවැරදි වන්නේ දෙවෙනි කාරණයයි. දෙවරක් හැරී බලන පිරිමි සිසුන් දුටුවිට ඒ සිටින්නේ අපේ කතාවේ කතා නායිකාව සිටිනවා බව මට සක්සුද්දක් සේ පැහැදිලිය. ඇය කව්දැයි කීමට මට නොහැක. සාම්ප්‍රදායික ආදර කතාවක් මෙන් කතා නායිකාව හදුන්වා දීමටද මට උවමනාවක් නැත. මන්ද මෙය ආදර කතාවක් නොවන බැවිනි. මෙය ගෙතු කතාවක්ද නොවේ. වර්තමානයේ වෙමින් පවතින කතාවකි. මා ඇය දෙසට පියමැන්නෙමි. ඇය ඇස්වලින් මට කතාකරනවා පෙනේ. ඒ ඇස් සිනාසෙයි. ආදර කතාවල සැමවිටම ඇස් වලින් කතා කරන්න, ඇස් වලින් සිනාවෙන්න යැයි සදහන්වන්නේ මෙයදැයි මට සිතේ. පාඨකය, වැරදියට වටහා නොගන්න.මෙය ආදර කතාවක් නොවේ. අප මේ සිටින්නේ කොරෝනා නිසා මුහුණු ආවරණය කරගත් කාලයකය. පිටතට පෙනෙන්නේ ඇස් පමණි. "අද මොකද මෙහෙ? ලෙක්චර්ස් නෑනේ ? ඇය විමසයි. "ඔයාව බලන්න ආවේ" එසේ කියන්නට හිත දුන්නත්, කිව නොහැක. " නෑ මේ practical පොත දෙන්න ආවා" "ආ යන්, මාත් ඒ පැත්තට යන්නේ" Assignments බාරදෙන්නට එකට යා හැකි නම...