Posts

ආදර කතාවක් නොවේ

සිනහවකින් කෙනෙකු හදුනාගත හැකි නම් එක්කෝ ඔබ හොද සවන් දෙන්නෙකු විය යුතුය.එක්කෝ ඒ සිනහව එතරම් කන්කළු විය යුතුය. මෙතැන නිවැරදි වන්නේ දෙවෙනි කාරණයයි. දෙවරක් හැරී බලන පිරිමි සිසුන් දුටුවිට ඒ සිටින්නේ අපේ කතාවේ කතා නායිකාව සිටිනවා බව මට සක්සුද්දක් සේ පැහැදිලිය. ඇය කව්දැයි කීමට මට නොහැක.  සාම්ප්‍රදායික ආදර කතාවක් මෙන් කතා නායිකාව හදුන්වා දීමටද මට උවමනාවක් නැත. මන්ද මෙය ආදර කතාවක් නොවන බැවිනි. මෙය ගෙතු කතාවක්ද නොවේ. වර්තමානයේ වෙමින් පවතින කතාවකි. මා ඇය දෙසට පියමැන්නෙමි. ඇය ඇස්වලින් මට කතාකරනවා පෙනේ. ඒ ඇස් සිනාසෙයි. ආදර කතාවල සැමවිටම ඇස් වලින් කතා කරන්න, ඇස් වලින් සිනාවෙන්න යැයි සදහන්වන්නේ මෙයදැයි මට සිතේ. පාඨකය, වැරදියට වටහා නොගන්න.මෙය ආදර කතාවක් නොවේ. අප මේ සිටින්නේ කොරෝනා නිසා මුහුණු ආවරණය කරගත් කාලයකය. පිටතට පෙනෙන්නේ ඇස් පමණි.  "අද මොකද මෙහෙ? ලෙක්චර්ස් නෑනේ ? ඇය විමසයි.  "ඔයාව බලන්න ආවේ" එසේ කියන්නට හිත දුන්නත්, කිව නොහැක.  " නෑ මේ practical පොත දෙන්න ආවා"   "ආ යන්, මාත් ඒ පැත්තට යන්නේ"  Assignments බාරදෙන්නට එකට යා හැකි නම...

ෆැෂන්

ඇය ලස්සන නැත. ලස්සන නැත්තේද නැත.ඇඟටම ඇලුණු  ස්කර්ට් එකකින්  සහ එයටම ගැලපෙන බ්ලව්සයකින් සැරසී සිටින මේ යුවතිය බස් නැවතුමේ සිටි සියල්ලගේම අවදානයට ලක් විය. සමහරවිට ඒ ඇය කොණ්ඩය ගොතා තිබෙන ආකාරය විය හැක. සමහරවිට ඒ ඇයගේ ගමනේ තාලය විය හැක. එසේත් නොමැතිනම්  ඒ ඇයගේ දණහිසිනුත් අඟල් 6 ක් උඩට ඇඳ ඇති සාය නිසා විය හැකිය. අවදානයට හේතුව සාය බව ඔප්පු කරමින් අඟල් 6 හිඩැස , අඟල් 5 1/2 දක්වා අඩු කිරීමට යුවතිය මහත් උත්සහයක් ගනී. උත්සාහය සාර්ථක වන බවට ඉඟියක් නොමැත. කොතරම් පහලට ඇද්දත් සාය සෙලවෙන්නේවත් නැත. ඉනේ ප්‍රමාණයට ගැලපෙන, උසත් හරියන ඩෙනිමක් සොයාගැනීම අපහසු කාර්යක් වන බව  මා අත්දැකීමෙන් දනී. මැයත් එවැනිම අර්බුදයකට මුහුණ දෙන්නට ඇති. එසේත් නොමැතිනම් ඇඳගෙන යාමට තිබු සායට හොදි වැටීම නිසා පාසල් කාලයේ ඇඳි සායක් ඇඳගෙන ආවාද විය හැක. මෙවැනි කාරනා මතක් කරන විට මට සිහියට නැගෙන්නේ මාගේ පෙම්වතියගේ මුවේ  නිතරම තිබෙන වාක්‍යයකි. "ඔයා මොනවද කෙල්ලන්ගේ ෆැෂන් ගැන දන්නේ?" කල්පනාව බිඳදමමින් එතනට පැමිණි බසයට මම ගොඩ වුනෙමි. හිස් ආසනයක් සොයන මගේ ඇස් වලට හමුවුණේ ද...

(අ)සම්මතය

"ඌයි සඳුනි ඒක නම් රිදුනා" වැලමිට අතගාමින් මන් ඇය දෙස බැලුවේය. ඈ සිනාසෙයි. රෝස පාට කම්මුල් රතු පාට වෙනතෙක්  සිනාසෙයි. ඒ දෙතොල් සැමවිටම සිනාසීමට බලා සිටියා වැනිය.දීප්තිමත්ය. ඇය මාගේ අතකින් අල්ලාගෙන මට ලං වුනේය. ඔබ නිවැරදිය පාඨකය. ඇය මාගේ පෙම්වතියයි. "හිනා වෙනකොට ඔයා හරිම ලස්සනයි" මට එහෙම කියන්න හිතුනත්, මට කතා කිරීමට අවස්ථාවක් නොමැත. "හීනයක්ද දකින්නේ කියලා බැලුවේ මැට්ටෝ" ඇයගෙන් වේගවත් පිලිතුරක්ය. " එහෙනම් ඉතින් මට ගහලා හරියනවද ? ඔයාම කොනිත්තගෙන බලන්න එපැයි " මම පිළිතුරු සැපයුවෙමි. ඇය නැවතත් සිනාසෙයි. ලොකු කරගත් ඇස් දෙකෙන් මොකක් හෝ පණ්ඩිත කතාවක් කියන්නට සුදානම් බව මා දනී. මන්ද පාඨකය, ඇය මාගේ පෙම්වතියයි. "හීනයක්ද දකින්නේ නැද්ද කියලා බලන්න ලේසි ක්‍රමයක් තියෙනවා දන්නවද? මට තුරුලු වෙමින් ඇය විමසයි.  නොදන්නා බව දක්වමින් මා හිස සෙලෙව්වේය. නැවතත් ඇයගේ කටහඬය. "හීනයක කවදාවත් මුල මතක හිටින්නේ නෑ " "මම මෙනෙහි කලෙමි. මෙය හීනයක් නෙමේ. මට සියල්ල මතකය. බසයට ගොඩවූ මොහෙතේ සිට කැළණි කන්ද නැග එනතෙක් සියල්ල මතකය. කොටින්ම කිවහොත්...

පිළිතුරු ළිපිය

කලින් ලියපු පෙම් හසුනට පිළිතුරකුත් හම්බවුනා එහෙනම්, දුටුවිට ඔබේ වත සිහිවෙයි මට පීසා කුලුන එය සැමවිටම ඇදේය මුණගැසුණු විට ඔබේ මුහුණ සිහිවෙයි කොස් ගෙඩිය මට කටුවලින් පිරී ඇත ඇස ගැටුණු විට ඔබේ නෙත මතක් කලෙමි මම ජම්බෝල ගෙඩිය එයට වඩා මදක් කුඩාය ඇසුණු විට ඔබේ කටහඩ මතක්වුනේ මට ටකරන් හඬ ගල් ගසනවා වැනිය දුටුවිට ඔබේ නාසය සිහිවන්නේ මට පිනොකියෝවමය එතරම් දිගය නොහැකිය මට ඔබේ වන්නට බලමු වෙනදාක මා එළදෙනක් වී සිටින දිනයක

බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1

අද තමයි දවස.මම මටම කියගත්තෙමි.හැමදාම දුරින් ඉදලා හරියන්නේ නැහැ.අදවත් මොනවහරි කතා කරන්න ඕනි. අප ප්‍රදේශයට අලුතින් පැමිණි මේ යුවතිය සැබවින්ම සුන්දරය.දැකුම්කළුය.ඇගේ ගමනටම වැනෙන පොත් බෑගය ඇගේ සුන්දර බව දෙගුණ තෙගුණ කරයි.කොණ්ඩය සකස් කර ඇත්තේද  අමුතු ආකාරයකටය. සුපුරුදු පරිදි බස් නැවතුමට ආ ඇය බිම බලා සිටී.ඇය වෙත සේන්දු වූ මම සම්ප්‍රදායික ප්‍රශ්නයකින් මුල පිරුවේය. "මං ඔයාව කොහෙදිහරි දැකල තියෙනවා?" "I wonder why all the boys ask the same question?"  ඇය පිළිතුරු දුනි. මම නැවතත් ඇය දෙස ඔනිකමින් බැලුවෙමි.විය නොහැක.මේ සිටින්නේ  ශ්‍රී ලාංකික තැනැත්තියක් බව මට නිසැකය.පුරුෂ ධෛර්යය අතට ගත මම නැවත ඒ ප්‍රශ්නය ඇසුවෙමි. "නෑ නංගි මම මේ කියන්න ගියේ..." "Don't try to lie more.There are plenty more fish in the sea." මම පුදුම වුනෙමි.වාක්‍ය දෙකෙන් උදේට කෑවේ මොනවද කියලත් අහන්න පටන් අරගෙන.මම ක්ෂණිකව පිළිතුරු දුන්නෙමි. "අපේ ගෙදර නම් අද මාළු ඉව්වේ නෑ නංගි.ඔයා ඔයා  කැමති නම් මම ඔයාටත් එක්ක මාළු හදන්  එනවනේ" සිහින් සිනහවක හ...

කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න.......

තනිවුනු හීනයක සොඳුරු මතක සටහනක් ඔබට අද තිලින කරන්නෙමි.මේ මීට අවරුදු තුනකට පෙර පුංචි සිතක ඇතිවුණු දයාබර හැගීමක්........... "ඇය ලස්සන යැයි මට සිතේ.නැත නැත ඇය සැබවින්ම ලස්සනය.කොටට කැපු කොණ්ඩය ඇයට කදිමට ගලපෙන්නේය.තැම්පත්ය.අහිංසකය.අවංක හිනාවකින් ඇගේ මුහුණ පිරී තිබේ.ඇය මගේ කරගන්නට ඇත්නම්? සොඳුර,ඔබ මගේ වීමට කැමතිද?මා ඇයට වඩා පියවර දෙක තුනක් පිටුපස්සෙනි.කතා කරනු පිණිස වේගයෙන් දිවගොස් අත තබන්නට උත්සාහ කළා පමණි. දුමාරයක් මෙන් දිස්වුනේය.යමෙකු පැමිණ ඇත.මගේ අතට බරක් දැනුනි.මගේ අතේ පාර්සලයක්ය.මම අනෙක් අතින් කතා කිරීමට උත්සාහ කලෙමි.ඒ අතේද එවැනිම පාර්සලයක්ය.දුමාරය අතුරුදහන්ය.මම මාගේ අත්දෙක දෙස බැලීමි. එක් අතක පාර්සලයක "සාමාන්‍ය පෙළ" කියා ලියා තිබුණි.අනෙක් පාර්සලයේ "උසස් පෙළ" කියා ලියා තිබුණි.ඇය පිටුපසින් යාමට තබා සිටගෙන සිටීමටවත් නොහැක.මා වැනි අයෝමය පුරුෂයෙකුට මිස වෙන අයෙකුට දරා ගත නොහැකි බරක් ඒ තුල විණි. සොඳුරිය,කෙසේ ලංවෙමිද නුඹට?මදක් ඉවසන්න. මේ බරින් මා  නිදහස් වෙන තුරු, අත් දෙකෙන්ම ඔබව අල්ලාගෙන ඇවිදයාමට.........."

මම වෙන්නම් .......

ඔබ වෙනවානම් ගංගාවක් මම වෙන්නම් මහා සයුර ඔබේ බර දරාගන්න ඔබ වෙනවානම් සඳක් මම වෙන්නම් ගිනියම් ඉර ඔබට ආලෝකය සපයන ඔබ වෙනවානම් මිහිකත මම වෙන්නම් දෙවියෙක් පොළොවට අධිපති වී ඔබ රැක ගන්න ඔබ වෙනවානම් දිය ඇල්ලක් මම වෙන්නම් දිය උල්පත ඔබව පෝෂණය කරන ඔබ වෙනවානම් පිනි බිඳුවක් මම වෙන්නම් සිසිලස ඔබට උණුසුම නොදැනෙන්නට ඔබ වෙනවානම් තරුවක් මම වෙන්නම් අන්ධකාරය ඔබ දීප්තියෙන් බබළවන්න ඉතින් සොඳුර මම වෙනවානම් ඔබේ ආදරය ඔබ වෙනවාද මගේ ආදරිය ?