කෙසේ ලංවෙමිද නුඹට?කුමරියේ මදක් ඉවසන්න.......
තනිවුනු හීනයක සොඳුරු මතක සටහනක් ඔබට අද තිලින කරන්නෙමි.මේ මීට අවරුදු තුනකට පෙර පුංචි සිතක ඇතිවුණු දයාබර හැගීමක්...........
සොඳුර,ඔබ මගේ වීමට කැමතිද?මා ඇයට වඩා පියවර දෙක තුනක් පිටුපස්සෙනි.කතා කරනු පිණිස වේගයෙන් දිවගොස් අත තබන්නට උත්සාහ කළා පමණි.
දුමාරයක් මෙන් දිස්වුනේය.යමෙකු පැමිණ ඇත.මගේ අතට බරක් දැනුනි.මගේ අතේ පාර්සලයක්ය.මම අනෙක් අතින් කතා කිරීමට උත්සාහ කලෙමි.ඒ අතේද එවැනිම පාර්සලයක්ය.දුමාරය අතුරුදහන්ය.මම මාගේ අත්දෙක දෙස බැලීමි.
එක් අතක පාර්සලයක "සාමාන්‍ය පෙළ" කියා ලියා තිබුණි.අනෙක් පාර්සලයේ "උසස් පෙළ" කියා ලියා තිබුණි.ඇය පිටුපසින් යාමට තබා සිටගෙන සිටීමටවත් නොහැක.මා වැනි අයෝමය පුරුෂයෙකුට මිස වෙන අයෙකුට දරා ගත නොහැකි බරක් ඒ තුල විණි.
සොඳුරිය,කෙසේ ලංවෙමිද නුඹට?මදක් ඉවසන්න. මේ බරින් මා නිදහස් වෙන තුරු, අත් දෙකෙන්ම ඔබව අල්ලාගෙන ඇවිදයාමට.........."
කෙසේ පවසම්.....ඉතාමත් උත්කෘෂ්යි👌
ReplyDeleteSupiri bro thawa dapan
ReplyDeleteWoh❤manula lokka!
ReplyDeleteWow manula superb★★
ReplyDeleteඇය 👈👈😍😍❤️❤️
ReplyDeleteDayana thama amathaka na💛
ReplyDelete💯
ReplyDelete😔💔
ReplyDeleteThank you so much
Delete