බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1
අද තමයි දවස.මම මටම කියගත්තෙමි.හැමදාම දුරින් ඉදලා හරියන්නේ නැහැ.අදවත් මොනවහරි කතා කරන්න ඕනි. අප ප්‍රදේශයට අලුතින් පැමිණි මේ යුවතිය සැබවින්ම සුන්දරය.දැකුම්කළුය.ඇගේ ගමනටම වැනෙන පොත් බෑගය ඇගේ සුන්දර බව දෙගුණ තෙගුණ කරයි.කොණ්ඩය සකස් කර ඇත්තේද අමුතු ආකාරයකටය. සුපුරුදු පරිදි බස් නැවතුමට ආ ඇය බිම බලා සිටී.ඇය වෙත සේන්දු වූ මම සම්ප්‍රදායික ප්‍රශ්නයකින් මුල පිරුවේය. "මං ඔයාව කොහෙදිහරි දැකල තියෙනවා?" "I wonder why all the boys ask the same question?" ඇය පිළිතුරු දුනි. මම නැවතත් ඇය දෙස ඔනිකමින් බැලුවෙමි.විය නොහැක.මේ සිටින්නේ ශ්‍රී ලාංකික තැනැත්තියක් බව මට නිසැකය.පුරුෂ ධෛර්යය අතට ගත මම නැවත ඒ ප්‍රශ්නය ඇසුවෙමි. "නෑ නංගි මම මේ කියන්න ගියේ..." "Don't try to lie more.There are plenty more fish in the sea." මම පුදුම වුනෙමි.වාක්‍ය දෙකෙන් උදේට කෑවේ මොනවද කියලත් අහන්න පටන් අරගෙන.මම ක්ෂණිකව පිළිතුරු දුන්නෙමි. "අපේ ගෙදර නම් අද මාළු ඉව්වේ නෑ නංගි.ඔයා ඔයා කැමති නම් මම ඔයාටත් එක්ක මාළු හදන් එනවනේ" සිහින් සිනහවක හ...