Posts

Showing posts from March, 2020

ෆැෂන්

ඇය ලස්සන නැත. ලස්සන නැත්තේද නැත.ඇඟටම ඇලුණු  ස්කර්ට් එකකින්  සහ එයටම ගැලපෙන බ්ලව්සයකින් සැරසී සිටින මේ යුවතිය බස් නැවතුමේ සිටි සියල්ලගේම අවදානයට ලක් විය. සමහරවිට ඒ ඇය කොණ්ඩය ගොතා තිබෙන ආකාරය විය හැක. සමහරවිට ඒ ඇයගේ ගමනේ තාලය විය හැක. එසේත් නොමැතිනම්  ඒ ඇයගේ දණහිසිනුත් අඟල් 6 ක් උඩට ඇඳ ඇති සාය නිසා විය හැකිය. අවදානයට හේතුව සාය බව ඔප්පු කරමින් අඟල් 6 හිඩැස , අඟල් 5 1/2 දක්වා අඩු කිරීමට යුවතිය මහත් උත්සහයක් ගනී. උත්සාහය සාර්ථක වන බවට ඉඟියක් නොමැත. කොතරම් පහලට ඇද්දත් සාය සෙලවෙන්නේවත් නැත. ඉනේ ප්‍රමාණයට ගැලපෙන, උසත් හරියන ඩෙනිමක් සොයාගැනීම අපහසු කාර්යක් වන බව  මා අත්දැකීමෙන් දනී. මැයත් එවැනිම අර්බුදයකට මුහුණ දෙන්නට ඇති. එසේත් නොමැතිනම් ඇඳගෙන යාමට තිබු සායට හොදි වැටීම නිසා පාසල් කාලයේ ඇඳි සායක් ඇඳගෙන ආවාද විය හැක. මෙවැනි කාරනා මතක් කරන විට මට සිහියට නැගෙන්නේ මාගේ පෙම්වතියගේ මුවේ  නිතරම තිබෙන වාක්‍යයකි. "ඔයා මොනවද කෙල්ලන්ගේ ෆැෂන් ගැන දන්නේ?" කල්පනාව බිඳදමමින් එතනට පැමිණි බසයට මම ගොඩ වුනෙමි. හිස් ආසනයක් සොයන මගේ ඇස් වලට හමුවුණේ ද...

(අ)සම්මතය

"ඌයි සඳුනි ඒක නම් රිදුනා" වැලමිට අතගාමින් මන් ඇය දෙස බැලුවේය. ඈ සිනාසෙයි. රෝස පාට කම්මුල් රතු පාට වෙනතෙක්  සිනාසෙයි. ඒ දෙතොල් සැමවිටම සිනාසීමට බලා සිටියා වැනිය.දීප්තිමත්ය. ඇය මාගේ අතකින් අල්ලාගෙන මට ලං වුනේය. ඔබ නිවැරදිය පාඨකය. ඇය මාගේ පෙම්වතියයි. "හිනා වෙනකොට ඔයා හරිම ලස්සනයි" මට එහෙම කියන්න හිතුනත්, මට කතා කිරීමට අවස්ථාවක් නොමැත. "හීනයක්ද දකින්නේ කියලා බැලුවේ මැට්ටෝ" ඇයගෙන් වේගවත් පිලිතුරක්ය. " එහෙනම් ඉතින් මට ගහලා හරියනවද ? ඔයාම කොනිත්තගෙන බලන්න එපැයි " මම පිළිතුරු සැපයුවෙමි. ඇය නැවතත් සිනාසෙයි. ලොකු කරගත් ඇස් දෙකෙන් මොකක් හෝ පණ්ඩිත කතාවක් කියන්නට සුදානම් බව මා දනී. මන්ද පාඨකය, ඇය මාගේ පෙම්වතියයි. "හීනයක්ද දකින්නේ නැද්ද කියලා බලන්න ලේසි ක්‍රමයක් තියෙනවා දන්නවද? මට තුරුලු වෙමින් ඇය විමසයි.  නොදන්නා බව දක්වමින් මා හිස සෙලෙව්වේය. නැවතත් ඇයගේ කටහඬය. "හීනයක කවදාවත් මුල මතක හිටින්නේ නෑ " "මම මෙනෙහි කලෙමි. මෙය හීනයක් නෙමේ. මට සියල්ල මතකය. බසයට ගොඩවූ මොහෙතේ සිට කැළණි කන්ද නැග එනතෙක් සියල්ල මතකය. කොටින්ම කිවහොත්...

පිළිතුරු ළිපිය

කලින් ලියපු පෙම් හසුනට පිළිතුරකුත් හම්බවුනා එහෙනම්, දුටුවිට ඔබේ වත සිහිවෙයි මට පීසා කුලුන එය සැමවිටම ඇදේය මුණගැසුණු විට ඔබේ මුහුණ සිහිවෙයි කොස් ගෙඩිය මට කටුවලින් පිරී ඇත ඇස ගැටුණු විට ඔබේ නෙත මතක් කලෙමි මම ජම්බෝල ගෙඩිය එයට වඩා මදක් කුඩාය ඇසුණු විට ඔබේ කටහඩ මතක්වුනේ මට ටකරන් හඬ ගල් ගසනවා වැනිය දුටුවිට ඔබේ නාසය සිහිවන්නේ මට පිනොකියෝවමය එතරම් දිගය නොහැකිය මට ඔබේ වන්නට බලමු වෙනදාක මා එළදෙනක් වී සිටින දිනයක