ආදර කතාවක් නොවේ

සිනහවකින් කෙනෙකු හදුනාගත හැකි නම් එක්කෝ ඔබ හොද සවන් දෙන්නෙකු විය යුතුය.එක්කෝ ඒ සිනහව එතරම් කන්කළු විය යුතුය. මෙතැන නිවැරදි වන්නේ දෙවෙනි කාරණයයි. දෙවරක් හැරී බලන පිරිමි සිසුන් දුටුවිට ඒ සිටින්නේ අපේ කතාවේ කතා නායිකාව සිටිනවා බව මට සක්සුද්දක් සේ පැහැදිලිය.

ඇය කව්දැයි කීමට මට නොහැක.  සාම්ප්‍රදායික ආදර කතාවක් මෙන් කතා නායිකාව හදුන්වා දීමටද මට උවමනාවක් නැත. මන්ද මෙය ආදර කතාවක් නොවන බැවිනි. මෙය ගෙතු කතාවක්ද නොවේ. වර්තමානයේ වෙමින් පවතින කතාවකි. මා ඇය දෙසට පියමැන්නෙමි.

ඇය ඇස්වලින් මට කතාකරනවා පෙනේ. ඒ ඇස් සිනාසෙයි. ආදර කතාවල සැමවිටම ඇස් වලින් කතා කරන්න, ඇස් වලින් සිනාවෙන්න යැයි සදහන්වන්නේ මෙයදැයි මට සිතේ. පාඨකය, වැරදියට වටහා නොගන්න.මෙය ආදර කතාවක් නොවේ. අප මේ සිටින්නේ කොරෝනා නිසා මුහුණු ආවරණය කරගත් කාලයකය. පිටතට පෙනෙන්නේ ඇස් පමණි.

 "අද මොකද මෙහෙ? ලෙක්චර්ස් නෑනේ ? ඇය විමසයි. 

"ඔයාව බලන්න ආවේ" එසේ කියන්නට හිත දුන්නත්, කිව නොහැක.

 " නෑ මේ practical පොත දෙන්න ආවා"  

"ආ යන්, මාත් ඒ පැත්තට යන්නේ" 

Assignments බාරදෙන්නට එකට යා හැකි නම් ජිවිත් ගමනත් එකට යා නොහැකිද? හදවතින් පණිවිඩයකි.

තරුණියකගේ කොන්ඩයකට කටු සියයක් පමණ උවමනා ඇයිදැයි මම නොදනිමි. ඒ ගැන අදහසක් ප්‍රකාශ කිරීමට තරම් දැනුමක් නැත. ඒ ගැන කන් කෙදිරි ගෑමට ඔවුන් තරම් දක්ෂයින් නොමැති බව පමණක් දනී.

"කොන්ඩ කට්ටක් නැතිවෙලා අනේ, උදේ එද්දී තිබ්බා දැන් නෑ" 

"අපි ගෙයක් ගන්න දවසක කොන්ඩ කටු විකුණන කඩයක් ලගින් බලල ගමු. එහෙම නැත්තන් කොන්ඩ කටු හදන කම්නිපැනියක් දාමු. මාරි කියුරියි, පියරේ කියුරියි රේඩියම් හොයාගත්තනම්, අපි දෙන්නට කොන්ඩ කටු ගැලවෙන්නේ නැති ක්‍රමයක් හොයාගන්න  බැරි වෙන එකකුත් නෑ ". පාඨකය,ඔබ මා හොදින් දනී. මේ මාගේ විකල්ප පිළිතුරයි.

"ආ, ඇත්තද?" මේ මාගේ සත්‍ය පිළිතුරයි.

වර්තමානයේ වෙමින් පවතින කතාවක උවද මට ඔබට සියලු විස්තර කිව නොහැක. ඇගේ අනන්‍යතාවය හදුනාගත හැකි කොටස් මා ඉවත් කර ඇත.ගොතන නොලද කතාවක් ඉදිරිපත් කිරීමේ අභියෝගය එයයි. අප දැන් සිටින්නේ දහවල් අහාරය ගැනීමට මොහොතකට පෙරය. 

ඇය බත්පතෙන් මටත් බෙදන් කන ලෙස ආරධනා කරයි. බත්පත බෙදාගත හැකි අපට ජීවිතය බෙදාගත නොහැකිද? හදවත නැවතත් කන්නලව් කරයි.

මා යථාර්තයට පැමිණිය යුතුය.මෙය ආදර කතාවක් නොවන බව ඔබට මෙන්ම හදවතටද ඒත්තු ගැන්විය යුතුය. ඈ පෙර දවසක පැවසු වාක්‍ය නැවත සිහිපත්කරගත්තෙමි.

"අපි යාළුවො වගේ ඉමු"

Comments

  1. ������

    ReplyDelete
  2. Konda katu gahanna tiranaya karapu mama ����

    ReplyDelete
  3. පට්ට ��❤️✌️

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා ඕයි ��������❤️

    ReplyDelete
  5. What a story ayya... ending point is brilliant 👍

    ReplyDelete
  6. පහරක් ලොක්කා��

    ReplyDelete
  7. Woooooow ❤❤❤❤��������

    ReplyDelete
  8. ඔබේ පළමු ආදරය ඔබට හමුවන පරම ආදරය හෝ ජීවන සහකාරිය නොවිය හැක .ඊට වඩා පට්ට එව්වා ඉස්සරහට හම්බ විය හැකිය ......



    .......කියා පඩි වදන් නොදෙමි.පිළිකාවක් වගේ සිත නමැති අවයවයේ ෆස්ට් crush එක උඩුදුවා ඇති මොහොතක ලියමි.. I know the feeling bro !

    ReplyDelete
    Replies
    1. First එක අමාරුයි තමයි.always.Can't describe the feeling 🤐

      Thank you bn😍❤

      Delete
  9. E katha naikawa ilaga sem eke sita konda katu nathiwa paminewi...habai obabkiyu kathawa aya dan thamata kiyu bawa dani... Ema nisa elaga sem eke bath patha ekata beda kanne jiwithaya beda ganimata karana arayumak lesatada wiya haka...������

    ReplyDelete
    Replies
    1. SS ගහලා තියාගන්නම් comment එක. අනාගතේ වැදගත් වෙයි😂❤

      Thank you😍❤

      Delete
  10. වාව් මනුල...❤️❤️❤️

    ReplyDelete
  11. Awus ඒක පට්ට 😍❤️🙌

    ReplyDelete
  12. Comparing to me,you'r still lucky to have her as your friend.Just don't give up bro.Same uni,same department,most probably same batch, see how lucky you are...She may change her mind in future.First one is always special.
    Good luck...!
    ~jaye

    ReplyDelete
    Replies
    1. Yes, First one is always special. But sometimes you have to let go

      BTW Jaye in Jayasundsra is much more cooler than Mithosha

      Delete
  13. Nicely written bruh! The flow, the story, the anonymity just enough to explain the plot! Amazing and keep writing!❤

    ReplyDelete
  14. Nicely written bruh! The flow, the story, the anonymity just enough to explain the plot! Amazing and keep writing!❤

    ReplyDelete
  15. Nicely written bruh! The flow, the story, the anonymity just enough to explain the plot! Amazing and keep writing!❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බ්‍රිතාන්‍ය මග ඉංග්‍රීසි තක්සලාව-1

ෆැෂන්