ෆැෂන්
ඇය ලස්සන නැත. ලස්සන නැත්තේද නැත.ඇඟටම ඇලුණු ස්කර්ට් එකකින් සහ එයටම ගැලපෙන බ්ලව්සයකින් සැරසී සිටින මේ යුවතිය බස් නැවතුමේ සිටි සියල්ලගේම අවදානයට ලක් විය.
සමහරවිට ඒ ඇය කොණ්ඩය ගොතා තිබෙන ආකාරය විය හැක. සමහරවිට ඒ ඇයගේ ගමනේ තාලය විය හැක. එසේත් නොමැතිනම් ඒ ඇයගේ දණහිසිනුත් අඟල් 6 ක් උඩට ඇඳ ඇති සාය නිසා විය හැකිය.
අවදානයට හේතුව සාය බව ඔප්පු කරමින් අඟල් 6 හිඩැස , අඟල් 5 1/2 දක්වා අඩු කිරීමට යුවතිය මහත් උත්සහයක් ගනී. උත්සාහය සාර්ථක වන බවට ඉඟියක් නොමැත. කොතරම් පහලට ඇද්දත් සාය සෙලවෙන්නේවත් නැත.
ඉනේ ප්‍රමාණයට ගැලපෙන, උසත් හරියන ඩෙනිමක් සොයාගැනීම අපහසු කාර්යක් වන බව මා අත්දැකීමෙන් දනී. මැයත් එවැනිම අර්බුදයකට මුහුණ දෙන්නට ඇති. එසේත් නොමැතිනම් ඇඳගෙන යාමට තිබු සායට හොදි වැටීම නිසා පාසල් කාලයේ ඇඳි සායක් ඇඳගෙන ආවාද විය හැක.
මෙවැනි කාරනා මතක් කරන විට මට සිහියට නැගෙන්නේ මාගේ පෙම්වතියගේ මුවේ නිතරම තිබෙන වාක්‍යයකි.
"ඔයා මොනවද කෙල්ලන්ගේ ෆැෂන් ගැන දන්නේ?"
කල්පනාව බිඳදමමින් එතනට පැමිණි බසයට මම ගොඩ වුනෙමි. හිස් ආසනයක් සොයන මගේ ඇස් වලට හමුවුණේ දීප්තිමත් රතු තරුවකි. නැත පාඨකය, මම වැරදිය. ඒ සිටින්නේ තොල් සායම් ආලේප කරගත් තරුණියක් බව වටහා ගැනීමට මගේ මොලයට තත්පර 2 කට වඩා ගතවුනි.
සූර්යග්‍රහණයක් දෙස පියවි ඇසින් නොබලන්න යැයි පුවත් වලට කීවා ලාවට මෙන් මතකය. එතරම් දීප්තිමත් නොවුනත් මා සැනෙකින් ඉවත බලාගත්තේ ඇස ආරක්ෂා කිරීම මගේ වගකීමක් බැවිනි.
සිනාසීමට දෙයක් නොමැත. තරුණියගේ තොල් සායම් සහ මුහුණු ආලේපන වල කල් ඉකුත්වීමේ දිනය ලංව ඇති බවට මට විශ්වාසය.නැත්තන් මුළු තොල් සායම් බෝතලයම ආලේප කිරීමේ උවමනාවක් නැත.ඔහේ කල් ඉකුත් වන්නට නොදී එයින් ප්‍රයෝජනයක් ගැනීමේ වරදක් මම නොදකිමි. ආහාරපාන වලට එය අදාල නම් අනික් භාණ්ඩ වලට එය අදාළ නොවීමේ හේතුවක්ද නැත.
"අනිත් එක,මන් මොනවද කෙල්ලන්ගේ ෆැෂන් ගැන දන්නේ?"
මම මටම කියාගත්තෙමි.
බසයෙන් බැසගත් මා සරසවිය දෙසට පියමං කලෙමි. ඒ ඈතින් සිටින්නේ විමංසා බව මට පැහැදිලිය.කොණ්ඩය සාදා ඇති අමුතු ආකාරයෙන් එය දුර තියාම පෙනේ. පාඨකය,එය කුමන කොණ්ඩ මොස්තරයදැයි කීමට මන් නොදනිමි. පිටුපසින් පෙනෙන ආකාරයට එහාට මෙහාට අඹරවා උඩින් දමා යටින් ගැටගසා වගේය. ඊට වඩා වැඩි යමක් කීමට නොදනිමි. මමත් විමංසා සහ සගයන්ගේ කතාවට එකතු වුනෙමි.
ඇයගේ කතා විලාසය මනරම්ය. ප්රභාවත්ය. දීර්ඝ වෙලාවක් අසා සිටිය හැකි කටහඬකි. එකම එක ගැටළුවක් වුනි නම් ඒ ඇගේ මුහුණට වැටෙන කෙස් රොදයි. විනාඩියකට හත් අට පාරක් ඇය එම කෙස් රොඳ පිටුපසට දමයි. එයත් තාලයකටය. රිද්මයකටය.
" ඔය කෙස් කෑල්ල මුහුණට වැටෙනවානම් කට්ටක් ගහගන්නකෝ. එහෙම නැත්තන් කපලා දාන්න" කතාව අතරතුර මම පැවසුවෙමි.
සැවොම සිනාසෙයි.
"ඒක ස්ටයිල් එක තාරක" විමංසා පිළිතුරු දෙයි.
ඔයාට මොනාද කෙල්ලන්ගේ ෆැෂන් ගැන තේරෙන්නේ?" ඒ ප්‍රකාශය නැවත නැවතත් මගේ සිතේ රැව් පිළිරැව් දෙයි.
සරසවියෙන් නික්ම මා නැවතත් බසයට ගොඩ වුනේ ගෙදර යාමටය.
යුවතියක් තමාගේ බෑගය, රාක්කයෙන් ගැනීමට මහත් වෙහෙසක් දරයි. ඇය අත දික් කරන සෑම අවස්තාවකදීම ඩෙනිම හා බ්ලව්සය අතර හිඩැසකි. ඇය අත පහල දමයි. නැවතත් වෙන කෝණයකින් උත්සහ කරයි. එවිට ඊටත් වඩා විශාල හිඩැසකි.ඇය නැවතත් ලජ්ජාවෙන් අත පහලට දමයි.
කව්රුන් හෝ ඇයට උදව් කිරීමට නොපැමිණීම ගැන පුදුමයක් නැත. සජීවී ප්‍රසංගයක් නැරඹීමට කව්රුත් කැමතිය.
බ්ලව්සය එතරම් කොට වූයේ ඇයි දැයි කීමට මගේ හිතේ කරුණු ගොන්නකි.ඒ සියල්ලම පරදා යටි හිතෙන් පැහැදිලි ප්‍රකාශයකි.
"ඒක තමයි ෆැෂන් එක"

Fashion hari pudumakaryi 😂😂siraa kathawak aa
ReplyDeleteඅන්න ඒකයි
DeleteWade karapan digatama...tawa artical dapan...
ReplyDeleteAniwa. Thanks bn
DeleteSupiri Manula
ReplyDeleteSupiri Manula
ReplyDeletePattama patta manula
ReplyDeleteThanks a lot....
DeleteSomething to think.❤️good one Author��
ReplyDeleteThanks a lot. Keep in touch mate
DeleteAsa haraha molayata.watina adahasak.sagauna upadeshayak.niyamai manula
ReplyDeletePatta ❤️ ❤️
ReplyDeleteThanks a lot
DeleteWenas deyak✌️
ReplyDeleteThanks a lot
Deleteනියමයි මනුල 👍
ReplyDeleteThanks a lot
DeletePatta💪
ReplyDeleteOya monad ape fashion gan dnne,aay mona hri kiwwoth mn ammt kiynw hode😠
ReplyDelete😂😂😂
Deleteptta
ReplyDeleteThanks a lot
Delete