(අ)සම්මතය
"ඌයි සඳුනි ඒක නම් රිදුනා" වැලමිට අතගාමින් මන් ඇය දෙස බැලුවේය.
ඈ සිනාසෙයි. රෝස පාට කම්මුල් රතු පාට වෙනතෙක් සිනාසෙයි. ඒ දෙතොල් සැමවිටම සිනාසීමට බලා සිටියා වැනිය.දීප්තිමත්ය. ඇය මාගේ අතකින් අල්ලාගෙන මට ලං වුනේය.
ඔබ නිවැරදිය පාඨකය. ඇය මාගේ පෙම්වතියයි.
"හිනා වෙනකොට ඔයා හරිම ලස්සනයි" මට එහෙම කියන්න හිතුනත්, මට කතා කිරීමට අවස්ථාවක් නොමැත.
"හීනයක්ද දකින්නේ කියලා බැලුවේ මැට්ටෝ" ඇයගෙන් වේගවත් පිලිතුරක්ය.
" එහෙනම් ඉතින් මට ගහලා හරියනවද ? ඔයාම කොනිත්තගෙන බලන්න එපැයි " මම පිළිතුරු සැපයුවෙමි.
ඇය නැවතත් සිනාසෙයි. ලොකු කරගත් ඇස් දෙකෙන් මොකක් හෝ පණ්ඩිත කතාවක් කියන්නට සුදානම් බව මා දනී. මන්ද පාඨකය, ඇය මාගේ පෙම්වතියයි.
"හීනයක්ද දකින්නේ නැද්ද කියලා බලන්න ලේසි ක්රමයක් තියෙනවා දන්නවද? මට තුරුලු වෙමින් ඇය විමසයි.
නොදන්නා බව දක්වමින් මා හිස සෙලෙව්වේය.
නැවතත් ඇයගේ කටහඬය.
"හීනයක කවදාවත් මුල මතක හිටින්නේ නෑ "
"මම මෙනෙහි කලෙමි. මෙය හීනයක් නෙමේ. මට සියල්ල මතකය. බසයට ගොඩවූ මොහෙතේ සිට කැළණි කන්ද නැග එනතෙක් සියල්ල මතකය. කොටින්ම කිවහොත් බසයේ වාදනය වූ ගීතය පවා මට මතකය.

"සරාගී නුවන් චායා
හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ"
මා ඇයගේ අත අල්ලාගත් ගමන්මය. සරසවි භුමියේ කොතැනක සිටින්නේ දැයි මට නිශ්චයක් නොමැත. අත් ඔරලෝසුවක් බැඳ තිබුනද වෙලාවක් බැලීමට තරම් සිහියක්ද නැත.ඇයගේ කතා එතරම් මිහිරිය. කෙලිලොල්ය.
මද වේලාවකට නිහඬතාවයකි. ඒ නිහඬතාවයට හේතුව රෝබෝරෝසියා ගසේ සුන්දරත්වය නොවන බව මම දනිමි.
පාඨකය, ඇය මාගේ පෙම්වතියයි. සුළු වෙනස් කමක් පවා මට හොඳින් දැනේ.
යුවතිය දීර්ඝ හුස්මක් පිටකලාය. මා දෙස හොරැහින් බලා බිම බලාගත්තාය.
"මොකද? ආයේ විකාර හිතන්න ගත්තද? අපි ඉන්නේ 21 වෙනි ශතවර්ශේ. පොඩි වයස් පරතර කොහෙත් තියෙනවා " මම බොරු තරහක් මවා ගනිමින් පැවසුවෙමි.
"පොඩි නෙමේ හංසක , අවුරුදු 3ක් " ඇය නැවතත් බිම බලා ගත්තාය.
💔🔥
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteසුපිරි💓
ReplyDeleteබොහොමත්ම ස්තුතියි
Deleteමාරම මාරයි ❤️❤️
DeleteEka 😲♥️
ReplyDeleteThanks a lot
Delete🤩supiri
ReplyDelete